Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කායවර්ධන ක්‍රිඩක සැරයන් ඩබ්ලිව්.ජි. අමිල Mr Sri Lanka- 2017 ශුරතාවය හිමිකරගනි

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික කායවර්ධන ශුරතාවලිය පසුගිය සෙනසුරාදා (23) මීගමුව අවේ මරියා ශ්‍රවණාගාරයේදී පැවති අතර ඉන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කරගන්නා ලදී.

මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සැරයන් ඩබ්ලිව්. ජි. අමිල ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය මගින් පිරිනමනු ලබන ‘Mr Sri Lanka’ යන ගෞරවනාමයෙන් පිදුම් ලබන ලදි.

මෙම තරඟාවලියේදි ක්‍රීඩා කණ්ඩායම් 8 කට වැඩි ප්‍රමාණයක් තරඟවැදි අතර ඉන් රන් පදක්කම් 6 ක්, රිදි පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකර ගැනිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කණ්ඩායම සමත්විය.

ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර ජයග්‍රාහකයින් වෙත සහතික පත්, කුසලාන සහ මුදල් ත්‍යාග ද පිරිනමන ලදී.

යුද්ධ හමුදා කායවර්ධන, බර ඉසිලිමේ හා සවිඑසවිමේ ක්‍රිඩා කමිටුවේ සහාපති මේජර් ජෙනරාල් වජිර පළිහක්කාරගේ මඟපෙන්විම අනුව මෙම තරගය සඳහා යුද්ධ හමුදා කායවර්ධන, බර ඉසිලිමේ හා සවිඑසවිමේ කණ්ඩායම ඉදිරිපත් කරනු ලැබිය.

affiliate tracking url | Sneakers