Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2017 14:49:08 Hours

යුද්ධ හමුදා කාන්තා බලකාය සිය 20 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකාවන් සෙනසුරාදා (18) දින මැදවච්චිය පිහිටි 4 (ස්වේච්ඡා) යුද්ධ හමුදා කාන්තා බලඇණි මුලස්ථානයේ දී සිය 20 වන සංවත්සරය සමරන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, කාන්තා බලකා සෙබලියන් විසින් පිරිනමන ලද කඳවුරු මුරයකින් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් බලකා කර්නල් සේනාවිධායක, බලඇණි මුලස්ථානයේ දී උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

ඉන් අනතුරුව කර්නල් සේනාවිධායක විසින් මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ඒකක අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ නිලධාරින් ඇතුළු කාන්තා සෙබලියන් 500 ක පමණ පිරිසක් ඇමතීම ද එහිදි සිදු කරනු ලැබීය.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ දස්කම් දැක්වු අයවළුන්ට ද සහතික පත්‍ර ප්‍රදානය කරමින් ඔවුනගේ කුසලතාවයන් ඇගයීම ද මෙහිදි සිදු කළහ.

ඉන් අනතුරුව, කර්නල් සේනාවිධායක, මධ්‍යස්ථාන සේනාවිධායක, ඒකක අණදෙන නිලධාරීන් සමඟින් කාන්තා බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාන්තා බලකා පවුල්වල සාමාජිකයින් අතර සුහද හමුවක් මැදවච්චිය, මෛත්‍රීපාල සේනානායක මධ්‍යමහා විද්‍යාලයේ දී පැවැත්විය.

4 (ස්වේච්ඡා) යුද්ධ හමුදා කාන්තා බලකා පරිශ්‍රයේ සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැති අතර, එදින (18) සන්ධ්‍යාවේ පැවති සංගීත සැඳැවත් සමඟින් සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා 20 වන සංවත්සර උත්සව මාලාව, සිකුරාදා (17) දින අනුරාධපුර, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත් සිදු කරමින් ආරම්භ විය.

Nike air jordan Sneakers | Sneakers