Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කාන්තා පැසිපන්දු ක්‍රීඩිකාවන් දක්ෂතා දක්වයි

කොළඹ ලිග් පැසිපන්දු තරඟාවලියේ දී පළමු වරට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා පැසිපන්දු ක්‍රීඩිකාවන් විසින් ‘ඒ’ කාණ්ඩයේ අනුශුරතාවය හිමිකරගත් අතර, ‘බී’ කාණ්ඩයේ තෙවන ස්ථානය හිමි කරගැනීමට යුද්ධ හමුදා පිරිමි පැසිපන්දු කණ්ඩායම සමත්විය.

අවසන් තරඟ සුගතදාස ග්‍රහස්ථ ක්‍රීඩාංගනයේ දී ඉරිදා (04) දින පැවැත්වූ අතර, යුද්ධ හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම අර්ධ අවසන් තරඟයේ දී ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම අවසන් තරඟයේ දී Track Masters සිවිල් පැසිපන්දු කණ්ඩායම සමඟ තරඟ වැදුණු අතර පළමු වරට ‘ඒ’ කාණ්ඩයේ අනුශුරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම සමත් විය.

මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අතුල ගලගම සහ යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ ලේකම් ලුතිනන් කර්නල් සජිත් කුලසේකර ගේ පූර්ණ සහයෝගය ලැබීණි.

Best jordan Sneakers | New Balance 991 Footwear