Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන් රගර් ශූරතාවය දිනාගනී

‘2019 අන්තර් සමාජ කාන්තා රගර් තරඟාවලිය’ පසුගිය ඉරිදා (26) දින කොළඹ හැවුලොක් ක්‍රීඩාපිටියේදී දිවයිනේ ප්‍රධාන රගර් ක්‍රීඩා සමාජයන්හී සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා ‘A’ සහ ‘B’ නමින් යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම් දෙකක් නියෝජනය කරනු ලැබිනි. යුද්ධ හමුදා ‘A’ කණ්ඩායම නාවික හමුදා කණ්ඩායමට ප්‍රතිවාධීව තරඟ වැදී 19 ට 10 ක් ලෙස ශූරතාවය දිනාගැනීමට සමත්විය.

තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය කාන්තා සෙබල පී.කේ. දුලානි ක්‍රීඩිකාව විසින් හිමි කරගනු ලැබිනි.

මේ අතර, යුද්ධ හමුදා ‘B’ කණ්ඩායම ගුවන් හමුදා කණ්ඩායම සමඟ කරට කර තරඟ වැදී අනු ශූරතාව දිනාගත් අතර, තරඟාවලියේ ශූරතාවය ගුවන් හමුදා කාන්තාවන් විසින් හිමි කරගනු ලැබිනි. latest Nike Sneakers | Nike