Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ඔරු පැදීමේ තරඟකරුවන් තායිලන්තයේ ආසියනු තරඟාවලිය නියෝජනය කරයි

රටවල් 22 ක තරඟකරුවන්ගේ සහභාගිත්වයෙන් තායිලන්තයේ, පටායා හිදි සැප්තැම්බර් මස 4 සිට 8 දින දක්වා පැවති ආසියානු ඔරු පැදීමේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදිමේ කමිටුව නියෝජනය කරමින් තරඟකරුවන්13 දෙනෙකු ද සහභාගි විය.

එම තරඟකරුවන් විවිධ ඉසව්වන් යටතේ දක්වන ලද දක්ෂතා පහත සඳහන් පරිදිවේ;

ඔරු පැදීමේ යුගල ඉසව්වෙන්, ලාන්ස් කෝප්‍රල් ඊ.පි.එන්. ප්‍රසාද් සහ සාමාන්‍ය සෙබළ පී.ජි.සී.එස්. කරුණාරත්න අවසන් මහා තරඟය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීය.

එමෙන්ම, ඩබල් ස්කල් (Double Scull) ඉසව්වෙන් ලුතිනන් එම්.බී.සී.එච්. ලියනගේ සහ ලාන්ස් කෝප්‍රල් එම්.එම්.ජේ.ඩබ්ලිව්. මාරසිංහ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

ඩබල් ස්කල් (Double Scull) ඉසව්වෙන් සහ කොස්ලස් ෆෝස් (Coxless Fours) ඉසව්වෙන් ලාන්ස් කෝප්‍රල් එම්.එම්.ජේ.ඩබ්ලිව්. මාරසිංහ අර්ධ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

කොස්ලස් ෆෝස් (Coxless Fours) ඉසව්වෙන්, ලාන්ස් කෝප්‍රල් එස්.ජි.එස්.කේ. වීරකෝන් අර්ධ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

කොස්ලස් ෆෝස් (Coxless Fours) ඉසව්වෙන්, ලාන්ස් කෝප්‍රල් පී.පී.ටී.එස් වීරසිංහ අර්ධ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

කොස්ලස් ෆෝස් (Coxless Fours) ඉසව්වෙන්, ලාන්ස් කෝප්‍රල් එම්.පී.එම්. මෙඩොන්සා අර්ධ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

කොස්ලස් ෆෝස් (Coxless Fours) ඉසව්වෙන්, සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ජී.ආර්. චින්තක අර්ධ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

Sports brands | Zapatillas de running Nike - Mujer