Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට

අන්තර් රෙජිමේන්තු කබඩි ශුරතා තරඟාවලිය - 2017 අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානොත්සවය සිකුරාදා (08) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත් වූ අතර, එහිදි ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා පොදු සේවා බලකා කණ්ඩායම ශුරතාවය හිමිකර ගනු ලැබීය.

යුද්ධ හමුදා කබඩි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සනත් පෙරේරාගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථාන උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිමල් විදානගේ සහභාගි විය.

‘ඒ’ කණ්ඩාය, සුපර් ලීග් සහ කාන්තා යනුවෙන් කාණ්ඩ 03 ක් යටතේ පසුගිය සතියේ දින හතරක් (5-8) පුරා පැවති මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 17 ක් සහ කාන්තා ඒකක 3 ක් තරඟවැදුණි.

සුපර් ලීග් වටයේ දී ලකුණු 41 ක් රැස් කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය ශුරතාවය ද, ලකුණු 24 ක් රැස් කරගනිමින් ඉංජිනේරු සේවා බලකාය අනුශුරතාවය ද, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව තෙවන ස්ථානය ද හිමිකරගනු ලැබීය.

එමෙන්ම, ‘ඒ’ කාණ්ඩයේ ශුරතාවය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය හිමි කර ගත් අතර, කාන්තා අංශයේ ශුරතාවය ශ්‍රී ලංකා පොදු සේවා බලකා කාන්තා කණ්ඩායම හිමි කරගන්නා ලදි.

ජයග්‍රාහි කණ්ඩායම් වෙත ශුරතා කුසලාන මෙන්ම කුසලතා සම්මාන ප්‍රදානය මේජර් ජෙනරාල් බිමල් විදානගේ අතින් සිදු කෙරිණි.

latest Nike release | New Releases Nike