Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2017 04:53:47 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය සාලියපුර දී ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාවලිය (පිරිමි) සහ අන්තර් ඒකක එල්ලේ තරඟාවලිය (කාන්තා) සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ දී බදාදා (27) දින ආරම්භ විය.

කාන්තා ඒකක 6 ක් ද ඇතුලුව රෙජිමේන්තු 15 කට අයත් එල්ලේ ක්‍රීඩකයින් 100 අධික පිරිසක් දෙසැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා සහභාගි වේ.

තවද, එම තරඟ අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී සහ සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතය. පිරිමි අංශයේ තරඟ ඉසව් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන අතර, කාන්තා අංශයේ තරඟ ඉසව් කාණ්ඩ 2 ක් යටතේ පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු තරඟාවලියේ සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

තරගාවලියේ අවසන් තරග සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (30) දින පැවැත්වෙනු ඇත.

latest Nike release | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov