Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th July 2017 18:08:22 Hours

යුද්ධ හමුදාව වෙතින් සිවිල් වැසියන් සඳහා තවත් කෘෂිකර්ම පාඨමාලාවක්

‘දිළිදුකමින් නිදහස් කිරිමේ වර්ෂය’ යන රජයේ ජාතික වැඩසටහනට සමගාමිව කන්දකාඩු (නැගෙනහිර), මැණික් ෆාම් (වන්නි), නච්චිකුඩා සහ වෙල්ලම්කුලම් (කිලිනොච්චි) සහ උදයාර්කට්ටුකුලම් (මුලතිව්) යන යුද්ධ හමුදා ගොවිපලවල් අවට පදිංචි කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් හට කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීමේ දෙවන පාඨමාලාව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් සඳුදා (17) දින ආරම්භ කරනු ලැබීය.

දින 60 ක් පුරා පැවැත්වෙන මෙම කෘෂිකාර්මික පාඨමාලාව ඔක්තෝම්බර් මස අවසන් වීමට නියමිතව ඇත. එම එක් එක් ගොවිපලවල්හි 25 දෙනා බැගින් වූ කණ්ඩායම් 05 ක් (125) මෙම පාඨමාලාව සඳහා තෝරාගෙන ඇති අතර, පාඨමාලාවට සහභාගි වන සෑම සාමාජිකයකු හට ම ආහාරපාන ඇතුලු සියලු පහසුකම් සහිතව දිනකට රුපියල් 300/= ක දිරී දිමනාවක් ද මෙහිදි ලබාදීමට සැලසුම් කර ඇත.

මෙම පාඨමාලාවේ දේශන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදු කරන අතර, පාඨමාලාව සාර්ථකව නිමකරන අයවලුන් වෙනුවෙන් සහතික පත්‍රයක් ද ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති සහ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති විසින් මෙම වැඩසටහන වෙනුවෙන් සිය පුර්ණ සහයෝගය යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලබාදෙනු ලබයි.

සඳුදා (17) දින පැවති මෙම පාඨමාලා සමාරම්භක උත්සවයන් සඳහා ඒ ඒ ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ බලසේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

bridgemedia | Men’s shoes