Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2016 15:51:33 Hours

යුද හමුදාපතිතුමාගේ මූලිකත්වයෙන් නව පානීය ජල පහසුකම්

‘සිරස ගම්මැද්ද’ වැඩසටහන මඟින් ග්‍රාමිය ප්‍රදේශවල මානුෂිය අවශ්‍යතා පිළිබඳව මෑත කාලීනව ප්‍රචාරය වූ පුවතක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය වෙත ලබාදුන් උපදෙස් මත මඩකලපුව උත්තුචෙනායි දමිළ මිශ්‍ර විද්‍යාලයේ සිය ගණනක් වූ පාසල් සිසුන් වෙත නළ ජලය සහ ජල පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් ලබාදීම සිදු කරන ලදි. එහිදී හමුදා ලේකම් කාර්යාලීය අරමුදලින් ලබාදෙනු ලැබූ මුල්‍යමය පරිත්‍යාගයෙන් නව ජල සැපයුම් පද්ධතිය ඉදි කිරීම නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්නගේ අධීක්ෂණය යටතේ තොප්පිගල ප්‍රදේශයේ ස්ථාපිත 232 බලසේනාවේ භට පිරිස් විසින් සිදු කරනු ලැබීය. එමෙන්ම එම පාසල් පරිශ්‍රයේ ඇති අබලන් වූ ගොඩනැගිල්ලක් ද 232 බලසේනාවේ භට පිරිස් විසින් නැවත අලුත්වැඩියා කර ඇත. එම පානීය ජල පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා කැපිටල් මහරාජා ආයතනයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා, කලාප අධයාපන අධ්‍යක්ෂ එන් කුනලිංගම් මහතා, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න, 23 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 232 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.අයි මාරසිංහ, විදුහල්පති, ආචාර්ය මණ්ඩලය සමගින් දෙමව්පියන් සහ පාසල් සිසුන් සහභාගි වූහ. එම පාසල් සිසුන් තම පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කිලෝ මීටරයකට අධික දුරක් ගමන් කරන දුෂ්කර ක්‍රියාව රූපවාහිනි නාලිකාව අනාවරණය කර දින 45 ක් ඇතුලත එම ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ඉදිකර නිම කිරීමට යුද හමුදාව සමත් වී ඇත. bridge media | Men’s shoes