Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2017 10:23:16 Hours

යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ සාමාජිකයින් රැස්වේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු සියලුම සිවිල් සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු පිළිබඳ පවත්නා යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ (SLACBA) 25 වන වාර්ෂික මහාසභා රැස්වීම - 2017, අඟහරුවාදා (31) දින මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දල්විම, ආගමික වතාවත් සිදුකිරීම, මියගිය සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ රණවිරුවන් සිහි කරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම, යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්. විජේරත්න මහතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව පෙර වසරේ වාර්තාවන් සහ ප්‍රගති සමාලෝචනය කියවිම ද මෙහිදි සිදු කෙරිනි.

මෙම රැස්විමේ දී යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ නිර්මාතෘ ඊ. ජීනදාස මහතා විසින් සිදුකළ කතාවේ දී යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ වසර 25 ක ඉතිහාසය පිළිබඳව මතක් කරන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.එස්. ද ඉසෙඩ් වික්‍රමරත්න මෙම උත්සවය අමතමින්, යුද හමුදා සිවිල් සාමාජිකයින්ගේ සේවය ඇගයීමට ලක් කළ අතර, මියගිය සිවිල් සාමාජිකයන් සිහිකිරීම ද එහිදි සිදු කළහ.

අනතුරුව, යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ විසින් ඔවුන් ආරම්භ කළ විශේෂ සුබසාධන ව්‍යාපෘතිය යටතේ යුද හමුදාව තුළ වසර 20 කට වැඩි සේවා කාලයක් හිමි සාමාජිකයින් දිරිගැන්වීම සඳහා ත්‍යාග පාර්සල් සහ මුදල් ත්‍යාග ද මෙහිදි පිරිනමන ලදි.

එමෙන්ම, සංගමය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා සංවත්සර සමරු තිළිණ ප්‍රදානය කිරිම ක් ද එහිදි සිදුකළහ. නව යෝජනා, සංශෝධන හා ගිණුම් වාර්තා ඉදිරිපත් කිරිම මෙන්ම නව කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම විධායක සභාව ද තෝරාගැනීම මෙහිදි සිදු කෙරිනි. තවද, ස්තුති කතාවෙන් අනතුරුව මෙදින වැඩසටහන අවසන්විය.

සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ එල්.ඩි.සී. මහනාම සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

දිගුකාලීන රෝගවලින් පෙළෙන සිවිල් සාමාජිකයින් 05 දෙනෙකු වෙත රුපියල් 30000/= ක් බැගින් වූ විශේෂ මුල්‍යමය පරිත්‍යාගයන් ද, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් දෙදෙනෙකු වෙත රුපියල් 15000/= බැගින් ද මෙහිදි පිරිනැමුහ.

jordan Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers