Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා විසින් සිවිල් වැසියන් සඳහා පැවැත් වු වගා පාඨමාලාව අවසන් වේ

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්ෂණය සහ කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ මඟපෙන්විම මත තෝරාගත් ගොවින් පිරිසක් සඳහා මාස තුනක කාල සීමාවක් පුරා පැවැත් වුණු වගා පුහුණු වැඩසටහන පසුගියදා කන්දකාඩු ගොවිපළේ දී චාම් උත්සවයකින් අවසන් විය.

නවීන විද්‍යාත්මක ක්‍රම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ගම් මට්ටමේ ගොවිතැන් කරන ගොවි ප්‍රජාවගේ වගාකිරිමේ නව විද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රම සහ කෘෂිකාර්මික දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන ආරම්භ කරන ලදී.

දින 90 ක් පුරා පැවති මෙම පාඨමාලාවේ දී ගොවින් 17 දෙනෙකු පුහුණුව ලැබු අතර එහිදී මෙම ගොවින් අස්වැන්න වැඩිකර ගැනීමේ තාක්ෂණික ක්‍රම, නිවැරදි බෝග වගාව, බෝග ආරක්ෂාව, පිරිවැය අඩුකර ගැනිම, අස්වැන්න වැඩිකර ගැනිම, අස්වැන්න ගබඩා කර ගැනිම, කාලගුණ විපර්යාස වලට මුහුණදීම සහ කාබනික පොහොර භාවිතය පිළිබඳව දැනුවත්වන ලදී.

මෙහිදී යුද හමුදාපතිතුමන්ගේ යෝජනාවකට අනුව පාඨමාලාවට සහභාගි වු සෑම සාමාජිකයකුහට දිනකට රුපියල් 300/= ක දිමනාවක් ලබාදුන් අතර එම දිමනාව ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මත රුපියල් 600/= ක් දක්වා වැඩිකරන ලදී.

මීට අමතරව පාඨමාලාවට සහභාගි වුවන්හට නොමිලේ උදේ හා සවස තේ සහ දිවා ආහාරය ඇතුළු වෙනත් පහසුකම් රැසක් පිරිනමන ලදී.

පාඨමාලාවේ අවසානයේ සහතික ප්‍රදානොත්සවයට නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍රා ජයවීර සහභාගි විය.

Running sports | Sneakers