Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2017 17:57:10 Hours

යුද හමුදා මුලස්ථානයේ ‘සුර්ය මංගල්‍යය’ අලුත් අවුරුදු උළෙල සියලු නිළයන්ගේ සහභාගිත්වයෙන්

සිංහල හා හින්දු අලුත් අවුරුදු අසිරිය දිවයින පුරා පැතිරයද්දී එම අසිරිය කොළඹ මැලේ ක්‍රීඩාපිටියේ දී ‘සුර්ය මංගල්‍යය’ නමින් විදහා දැක්වුයේ යුද හමුදා මුලස්ථානයේ සේවය කරන නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු අලුත් අවුරුදු උත්සවයෙනි. මෙවරත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩාවලට මුල්තැන දෙමින් සිකුරාදා (07) වන දින පැවැත්විණි.

අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ යුද හමුදා සේවා වනීතා සභාපතිනී නයනා ද සිල්වා මහත්මිය සහභාගි වු අතර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ‘සුර්ය මංගල්‍යය - 2017’ සහභාගිවන ලදී.

මඟුල් බෙර වාදනයෙන් ඔප්නැංවුණු රිද්මයකින් ගමන්ගත් ගැමි තරුණ තරුණියන්ගේ පෙරහැරකින් ඇරඹුණු උත්සවය ප්‍රධාන අමුත්තා පෙරටු කරගෙන ප්‍රධාන පීඨිකාව වෙත පැමිණි අතර, ජාතික ධජය සහ යුද හමුදා ධජය එසවිමට පිළිවෙලින් යුද හමුදාපතිතුමා සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි පැමිණියහ. උත්සවයට පෞඩත්වයක් එක්කරමින් සම්ප්‍රදායානුකුලව සියලුදෙනා නැගිට ජාතික ගීය සහ යුද හමුදා ගීතය ගායනා කරන ලදී.

ඉන්පසුව, යුද්ධයේ දී මියගිය රණවිරුවන් සිහිකිරිම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විනි. අනතුරුව, සම්ප්‍රදානුකුලව පොල්තෙල් පහන දැල්විම සිදුවු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා සහ යුද හමුදා මුලස්ථානයේ සියලු ශාඛාවල නියෝජිතයන් මේ සඳහා සහභාගි විය.

අලුත් අවුරුදු තරඟ ඉසව් ඉන්පසුව ආරම්භ වු අතර ක්‍රීඩාපිටියේ විවිධ තැන්වල මෙම තරඟ ඉසව් පැවැත්විණි. ගම හරහා දිවිමේ තරඟය උදෑසන සෙසුනිලයින් සියදෙනෙකුගේ සහභාගිත්වයෙන් ප්‍රධාන උත්සවය ඇරඹිමට පෙර පැවැත්විනි.

සාම්ප්‍රදායික සහ විනෝදාත්මක තරඟ රැසකින් සමන්විත වු අවුරුදු උළෙල රබන් ගැසීම, ගෝනි රෙස්, අලියාට ඇස තැබීම, ලිස්සන ගහේ නැගීම, කණාමුට්ටි බිදීම, බනිස් කෑමේ තරඟය, කොට්ටපොර ගැසීම, සැඟවුණු අමුත්තා සෙවීම, බාධක දිවීම, අන්දයාට කිරිකැවීම, පොල් අතුවිවීම, හැන්ද මත දෙහිගෙඩිය තබාගෙන යාම, කඹ ඇදීම, සංගිත පුටු තරඟය, විකට ඇදුම් තරඟය, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, පැණි බඹරේ කැරකීම සහ ඉදිකටුවට නුල දැමීම යන තරඟ ඉසව්වන්ගෙන් වර්ණ වත්විය.

ආබාධිත රණවිරුවන්ගේ සහභාගිත්වයෙන් ද මෙහිදී තරඟ ඉසව් කිහිපයක් පැවැත්විණි.

ක්‍රීඩාපිටියේ එක් පසෙක නිර්මාණය කර තිබු අලංකාර ගැමි ගෙදර සහභාගි වුවන්ගේ තවත් සිත්ගත් අංගයක් වු අතර, ගැමි චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකුලව සිංහල අවුරුදු රස කැවිලි වලින් සැරසුණු තේ මේසයකින් සහ අලුත් ඇදුම් ඇදගෙන අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමින් සිටි තරුණ තරුණියන් විසින් එම ගැමි ගෙදර තවත් අලංකාර විය.

ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ නයනා ද සිල්වා මැතිණිය, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ ගැමි ගෙදර තුළ රැදී සිටිමින් එහි තිබුණු තේපැන් සංග්‍රහය බුක්තිවිදි අතර, ක්‍රීඩා පිටිය වටා රැදී සිටි තරඟකරුවන් හා කතාබහක ද නිරතවිය.

නිලධාරින්, යුද හමුදා සේවා වනීතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, සෙසුනිලයින් සහ සිවිල් සේවකයින් මෙම අලුත් අවුරුදු උත්සවයට සහභාගි විය.

‘යුද හමුදා රණවිරු රියල් ස්ටාර්’ වැඩසටහනේ ජයග්‍රහකයින්ගේ ගීත ගායනයෙන් ද මෙම උත්සව අවස්ථාව තවත් ගීතවත්විය.

දිනය අවසානයේ දී අලුත් අවුරුදු උත්සවයේ තරඟවලට සහභාගි වි ජයගත් අයවලුන්හට යුද හමුදාපතිතුමා විසින් ත්‍යාග පිරිනමන ලදී.

bridgemedia | Nike Air Max 270