Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා මල්ලවපොර ක්‍රීඩකයින් වෙත අනුශුරතාවය

ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය මඟින් දෙසැම්බර් මස 01 සිට 03 දක්වා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබූ ‘Pulser Power’ ජාතික මල්ලවපොර තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදා මල්ලවපොර ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනාගනිමින් අනුශුරතාවය හිමි කර ගැනීමට සමත්විය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය ගරු. දයාසිරි ජයසේකර මහතා සහභාගි වූ අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතා ද මීට එක්ව සිටියහ.

මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිස් කණ්ඩායම් ඇතුලු විවිධ ක්‍රීඩා කණ්ඩායම් සහභාගි වූහ.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල එච්.පි.ටි.ටි. චන්ද්‍රසේකර තේරීපත්විය.

එමෙන්ම, කාන්තා මල්ලවපොර තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩිකාවන් රන් පදක්කම් 01 ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනාගනිමින් අනුශුරතාවය හිමිකර ගැනීමට සමත්විය.

Authentic Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger