Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st December 2016 11:50:16 Hours

යුද හමුදා භට පිරිස් යාපනය පාසල් සිසුන් සමඟ නත්තල් කැරොල් ගී ගායනයක

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සම්බන්ධීකරණයෙන් 51 වන සේනාංකය විසින් නත්තල් කැරොල් ගී සංදර්ශණයක් සඳුදා (19) දින යාපනය ශාන්ත මරියා දේවස්ථානයේ දී සංවිධානය කරන ලදී.

යාපනය රදගුරු අති උතුම් අාචාර්ය ජස්ටින් ඥානප්‍රකාශ් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් යුද හමුදා භට පිරිස් කණ්ඩායමක් පාසල් සිසුන් සමගින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය සඳහා එක් වූ අතර, එම අවස්ථාව සඳහා ආගමික නායකයින්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගි වූහ.

එම අවස්ථාවේදී රදගුරු අති උතුම් අාචාර්ය ජස්ටින් ඥානප්‍රකාශ් හිමිපාණන් විසින් නත්තල් පණිවිඩය ද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම කැරොල් ගී සංදර්ශණය ඉතා වර්ණවත් අයුරින් පැවැත්විණි.

එමෙන්ම දෙසැම්බර් මස 22 වන දින වන තෙක් යාපනය අර්ධද්වීපයේ විවිධ නගරයන් හි නත්තල් ජංගම කැරෝල් ගී ගායන වැඩසටන් සූදානම් කර ඇත.

වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන මගින් යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර, සුහදත්වය තව තවත් වර්ධනය වේ.

මෙම නත්තල් කැරොල් උත්සවය වර්ණවත් කිරීම සඳහා යුද හමුදා භට පිරිස් සහ යාපනය පාසල් සිසුන් සමඟ කදාන ද මැසිනෝඩ් විද්‍යාලයේ සිසුන් ද එක් වූහ.

මේ අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ 51 වන සේනාංකාය යටතේ ස්ථාපිත 515 බල සේනාවේ භට පිරිස් විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආශිර්වාදය මත නත්තල් කැරෝල් වැඩසටහනක් කීරමලෙයි හි නල්ලිනක්කපුරම් හි පිහිටි තම කදවුරු භුමියේ අගහරුවාදා (20) දින පවත්වන ලදි.

මෙම නල්ලිනක්කපුරම් ග්‍රාමය යාපනය කීරමලෙයි ප්‍රදේශයේ ප්‍රතිසංදාන වැඩසටහන යටතේ අලුතින් පදිංචි කරවන ලද ගම්මානයකි.

එදින සන්ධ්‍යාවේ යුද හමුදා සෙබලුන්ගෙන් සමන්විත බැති කණ්ඩායම විසින් ඉතා වර්ණවත් නත්තල් ගී, නැටුම් සහ යාච්ඤා සැසි ඉදිරිපත් කරන ලදි. මෙම අවස්ථාව යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා සහ සිවිල් ජනතාව අතර, සම්බන්ධතාවය විදහා පෑ අවස්ථාවක් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා සහභාගි වු අතර මානිප්පායි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බ්‍රයන් පියතුමා, ආගමික නායකයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් ජනතාව ද එක්ව සිටියහ.

latest Nike Sneakers | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite