Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා කායවර්ධකයින් සහ බර ඔසවන්නන් ජාතික තරඟාවලියේ දී ශුරතා හිමිකරගනි

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධායකත්වයෙන් සෙනසුරාදා (24) දින කොළඹ 07, ඩි.එස්. සේනානායක ක්‍රීඩා සංකීර්ණයේ පැවති ජාතික කායවර්ධන ශුරතා තරඟාවලියේ දී ජයග්‍රහණ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ඉංජිනේරු සෙබල ආර්.එම්.එස්. උදය කුමාර විසින් 69 වන ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ‘Mr Sri Lanka’ ශුරතාවය හිමි කර ගන්නා ලදි.

තවද එහිදි, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ සාමාන්‍ය සෙබල ටි.එන්.යූ.කේ. තෙන්නකොන් දෙවන ස්ථානයත්, සාමාන්‍ය සෙබල වි.ඒ. මෙන්ඩිස් තෙවන ස්ථානයත් හිමිකර ගත්හ.

ක්‍රීඩා කණ්ඩායම් 15 ක් අභිබවමින් රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ලකුණු 28 ක් හිමි කර ගැනීමට යුද හමුදා ක්‍රීඩා සාමාජයට හැකිවිය.

පිළිවෙලින් ජයග්‍රහකයින් වෙත මුදලින් රුපියල් 100,000/= ක්, රුපියල් 75,000/= ක් සහ රුපියල් 50,000/= ක් මෙහිදි ලබාදෙන ලදි.

කිසිදු අනුග්‍රහක දායකත්වයකින් තොරව මෙම වර්ෂයේ තරගාවලිය පැවැත් වූ අතර, ප්‍රවීණ කායවර්ධකයින් විසින් ඉදිරිපත් වී තම පුද්ගලික අරමුදලින් මෙම තරඟාවලිය සංවිධානය කළහ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා සහභාගි විය.

එමෙන්ම, 69 වන ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ මඟින් සංවිධානය කරන ලද ජාතික බර එසවීමේ තරඟාවලියේ දී ශුරතාවය හිමි කර ගැනීමට යුද හමුදා ක්‍රීඩා සාමාජය සමත් වූ අතර, එය සෙනසුරාදා (24) දින පොලොන්නරුව ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය.

එහිදි ක්‍රීඩා සමාජ 15 ක් අතුරින් යුද හමුදා තරඟකරුවන් ඉසව් 07 ක දී රන් පදක්කම් 07 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගන්නා ලදි.

පුලතිසිපුර පැවති මෙහි අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතා විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් පිරිනැමිම සිදුකෙරිනි.

යුද හමුදා කායවර්ධන, බර එසවිමේ සහ සවි එසවිමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් එම්.එච්.පි. මිහිඳුකුලසූරිය විසින් මෙම තරඟාවලියේ දී තරඟකරුවන් දිරීමත් කිරීම සිදු කළහ.

Nike air jordan Sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today