Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2016 21:38:02 Hours

යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ජාතික ක්‍රිකට් කන්ඩායම නියෝජනයට

රන්ගිරි දඹුලු ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සැප්තැම්බර් මස 12 සිට 27 වන දින දක්වා ඔස්ට්‍රේලියානු සංචාරක කාන්තා ක්‍රිකට් කන්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවත්වීමට නියමිත තරඟය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය වෙත තෝරාගෙන ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවට මහත් ගෞරවයක් ලබා දෙමින් යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව එම්.ඩී.එන් හංසිකා, වේග පන්දු ක්‍රීඩිකා ඩබ්ලිව්.ඒ.ජී කුලසූරිය, දඟ පන්දු ක්‍රීඩිකා ඩබ්ලිව්.එම්.එස්.එම් කුමාරි සහ ඒ.අයි.එස් මෙන්ඩිස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය සඳහා තේරී පත් වී ඇත. bridgemedia | New Balance 991 Footwear