Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රිමියර් ලිග් තරඟාවලියේ සුපිරි 08 දෙනා අතරට

2016/2017 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පළමු පෙළ ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරඟාවලිය යටතේ යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ සැරසන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරඟ ජනවාරි මස 14 සිට 16 දක්වා කොළඹ මුවර්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. එහි පළමු ඉනීමේ ජයග්‍රහණය හිමිකර ගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම එම තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීය.

එම තරඟයේ දී සැරසන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම පන්දුවාර 87 පන්දු 2 ක් තුල දී ලකුණු 358 ක් ලබාගත් අතර, යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 116 පන්දු 2 ක දී ලකුණු 361 ක් ලබා ගන්නා ලදි.

සාමාන්‍ය සෙබල ජී.වී. පුෂ්පකුමාර ලකුණු 72 ක දී කඩුලු 03 ක්ද, රෝහක සෙබල කේ.ඩි.වි. විමලසේකර ලකුණු 118 ක දී කඩුලු 03 ක් ද බිඳහෙලිමට සමත්විය.

මෙහිදි පළමු ඉනිම වෙනුවෙන් ලාන්ස් බොම්බඩියර් ඒ.ජි.වි.එල්. මධුෂාන් ලකුණු 152 ක් ද, සාමාන්‍ය සෙබල ඩි.ඩි. සොයිසා ලකුණු 69 ක් ද රැස්කර ගැනීමට සමත්විය.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් සැරසන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් පන්දුවාර 23 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 179 ක් රැස්කර ගත් අතර, පිළිතුර ඉනිම ක්‍රීඩා කරනු ලැබූ යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 44 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 146 ක් රැස්කර ගැනිමට සමත්විය.

මෙහි දි රෝහක සෙබල කේ.ඩි.වි. විමලසේකර ලකුණු 72 ක දී කඩුලු 03 ක් දවා ගැනීමට සමත් වූ අතර, දෙවන ඉනිමේ දී පන්දුවට පහර දී ලකුණු 55 ක් රෑස්කර ගැනීමට සමත්විය.

අවසානයේ එම තරඟයෙන් පළමු ඉනිමේ ලැබූ ජයත් සමඟ ලකුණු සටහනේ හතරවන සුථානය ලබා ගනිමින් යුද හමුදා කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටය සඳහා ද සුදුසුකම් ලැබීය.

මෙම තරඟාවලියේ මුලික වටයේ දී යුද හමුදා කණ්ඩායම BRC, Colts සහ Saracens කණ්ඩායම් සමඟ තරඟ කර පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි කරගැනීමට සමත්විය.

short url link | Nike News