Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ බීආර්සී කණ්ඩායම අතර පළමු තරග පැවැත්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ Bergers’ Recreation Club ක්‍රිකට් කණ්ඩායම අතර සංවිධානය කරනු ලැබූ ප්‍රථම තරගය දෙසැම්බර් මස 2 සිට 5 යන දින දක්වා පනාගොඩ යුද හමුදා ක්‍රකට් ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය.

එහිදී පැවති පළමු වටයේ දී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමෙහි සැරයන් ඩී.ජී.ඒ.එස් ගුණරත්න ලකුණු 158 ක් ලබා ගත් අතර, ලාන්ස් බොම්බඩියර් ඒ.ජී.වී.එල් මධුශංක ලකුණු 67 ක් ලබා ගැනීමට සමත් විය.

මේඅතර, සාමාන්‍ය සෙබල ජී.වී පුෂ්පකුමාර ලකුණු 57 කට කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වූ අතර, සාමාන්‍ය සෙබල ඒ.එච්.ඩී.ඒ.එස් රිද්ම ලකුණු 10 කදී කඩුලු 2 ක් ලබා ගැනීමට සමත් විය.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ සැරයන් ඩී.ජී.ඒ.එස් ගුණරත්න ලකුණු 69 ක් සහ සාමාන්‍ය සෙබල ඒ.එච්.ඩී.ඒ.එස් රිද්ම ලකුණු 56 ක් ලබා ගැනීමට සමත් විය.

මේ අතර, දෙවන ඉනිමේ දී ලකුණු 14 ක දී කඩුලු 2 ක් ලබා ගැනීමට ලාන්ස් කෝප්‍රල් ඒ.ජේ.සී සිව්ලා සමත් විය.

ලකුණු - පළමු ඉනිම

යුද හමුදා කණ්ඩායම - 316/9 (In 97.1 overs) බීආර්සී කණ්ඩායම 219 all out (In 67.4 overs)

ලකුණු - දෙවන ඉනිම

යුද හමුදා කණ්ඩායම -202/9 (In 64.2 overs) බීආර්සී කණ්ඩායම - 192/6 all outlatest jordan Sneakers | Archives des Sneakers