Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදා අන්තර් රෙජිමේන්තු මෝටර් ක්‍රීඩා තරඟාවලිය

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විම යටතේ යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලංකා යුද හමුදා මෝටර් ක්‍රීඩා සංගමයේ සංවිධායකත්වයෙන් යුද හමුදා අන්තර් රෙජිමේන්තු මෝටර් ක්‍රීඩා තරඟාවලිය - 2017, සිකුරාදා (03) දින අනුරාධපුර, සාලියපුර ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම මෝටර් ක්‍රීඩා තරඟාවලිය සඳහා යුද හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් කීර්තිමත් තරඟ කරුවන් රැසක් සහභාගි වූහ.

මෙහි පැවති ධාවන පැදි තරඟාවලිය ඉසව් 06 කින් සමන්විත වූ අතර, ඒ සඳහා ක්‍රීඩකයින් 40 ක් තරඟ වැදුනහ.

ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් උදය පෙරේරා සහභාගි විය.

එම තරඟ ප්‍රතිඵල පහතින් දැක්වේ ;

සමස්ත ශුරතාවය : විජයබාහු පාබල රෙජිමේන්තුව

අනුශුරතාවය : ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය

දක්ෂතම ධාවකයා : සංඥා සෙබල ඩි.බි.කේ. සිල්වා - ශ්‍රීලංසංබ

ස්ටෑන්ඩඩ් සීසී ආධුනික ඉසව්ව :

ප්‍රථම ස්ථානය - කාර්මික සෙබල එච්.ආර්.කේ.සී. අරවින්ද්‍ර - ශ්‍රීලවියාඉ

දෙවන ස්ථානය - කාර්මික සෙබල කේ.ජේ.පී. කුමාර - ශ්‍රීලවියාඉ

තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල ඒ.පි.එන්.එම්. ජයසිංහ - ශ්‍රීලයුසේබ

රේසින් 125 සීසී ඉසව්ව :

ප්‍රථම ස්ථානය - සංඥා සෙබල ඩි.බි.කේ. සිල්වා - ශ්‍රීලංසංබ

දෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල ඒ.ඩබ්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රීලයුසේබ

තෙවන ස්ථානය - තුවක්කු සෙබල ටි.කේ.ආර්.එන්.එස්. කුමාර - ශ්‍රීලකාහ

ස්ටෑන්ඩටඩ් 125 සීසී ඉසව්ව :

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් පී.එන්. විජේරත්න - විපාරෙ

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ජි.කේ.ජි.එන්. පුෂ්පකුමාර - කරෙ

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් වයි.එම්.එස්.එස්. බණ්ඩාර - කරෙ

සුපර් මෝටර් 250 – 450 සීසී ඉසව්ව :

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් වයි.එම්.ජේ.එස්. ප්‍රේමරත්න - විපාරෙ

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ශ්‍රී ගෙහාන් - ශ්‍රීලවියාඉ

තෙවන ස්ථානය - බලලත් නිලධාරී I පී.ආර්. සමරවීර - ශ්‍රීලයුසේබ

ස්ටෑන්ඩඩ් 250 සීසී ඉසව්ව :

ප්‍රථම ස්ථානය - සාමාන්‍ය සෙබල ඒ.ඩබ්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රීලයුසේබ

දෙවන ස්ථානය - කෝප්‍රල් පී.එන්. විජේරත්න - විපාරෙ

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එස්.කේ. අතපත්තු - කරෙ

රෙසින් 250 සීසී ඉසව්ව

ප්‍රථම ස්ථානය - සංඥා සෙබල ඩි.බි.කේ. සිල්වා - ශ්‍රීලංසංබ

දෙවන ස්ථානය - කෝප්‍රල් වයි.එම්.ජේ.එස්. ප්‍රේමරත්න - විපාරෙ

තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් පී.එම්.ජේ. සිගේරා - ශ්‍රීලයුපොහේබ

Authentic Nike Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf