Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2017 15:47:13 Hours

යුද හමුදා අන්තර් රෙජිමේන්තු මැරතන් ධාවනය හඳපාන්ගොඩ දී ආරම්භ විය

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු වාර්ෂික මැරතන් ධාවනය - 2017 සෙනසුරාදා (11) දින රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් හඳපාන්ගොඩ දී ආරම්භ වූ අතර, එය පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණය අසලින් අවසන් විය.

යුද හමුදා මලල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කළ මෙම මැරතන් ධාවනය සඳහා යුද හමුදා කාන්තා මැරතන් ක්‍රීඩිකාවන් ද සහභාගි විය. පාදුක්ක, හඳපාන්ගොඩ 11 වන සැතපුම් කණුව අසලින් උදෑසන 6.00 ට ආරම්භ වූ මෙම ධාවනය මීගොඩ, ගොඩගම හරහා යමින් කිලෝමීටර් 21 කට ආසන්න දුරක් ආවරණය කරමින් පනාගොඩ යුද හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණය අසලින් අවසන් කෙරිනි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සමඟින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් කාන්තා සෙබලියන් ද ඇතුලුව යුද හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මෙම ධාවනය සඳහා එක්ව සිටියහ.

යුද හමුදා මලල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම ධාවන තරඟය ජාතික හා ජාත්‍යන්තර තලයේ පිළිගැනීමට ලක් වූ විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චය කරනු ලැබිය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් 52 වන වරටත් පවත්වනු ලැබු මෙම මැරතන් ධාවන තරඟය සඳහා සහභාගි වූ සියලු නිලයින් වෙත අවශ්‍ය පහසුකම් සලසාදෙන ලෙස අදාල අංශයන් වෙත උපදෙස් ද ලබාදෙන ලදි.

මෙම මැරතන් ධාවන තරඟයේ කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් පී.ඩබ්.බී. ජයසුන්දර, සහ යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පී.එම්.ආර්. බණ්ඩාර ද එක්ව සිටියහ.

විශේෂ දක්ෂතා දැක්වුවන් පහත සඳහන් පරිදි වේ;

සමස්ථ ශුරතාවය - (පිරිමි අංශය)

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

සමස්ථ ශුරතාවය - (කාන්තා අංශය)

6 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය

පිරිමි අංශය

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් ඩි.එල්. සමරජිව (ශ්‍රීලවියාඉ)

දෙවන ස්ථානය - කෝප්‍රල් එම්.ඒ.ආර්. චාමර කුමාර (ශ්‍රීලපාහ)

තෙවන ස්ථානය - සාමන්‍ය සෙබල වයි.පි.එම්. ගුණතිලක (ශ්‍රීලයුසේබ)

කාන්තා අංශය

ප්‍රථම ස්ථානය - කෝප්‍රල් එන්.ජි. රාජසේකර (3 (සෙව්) ශ්‍රීලයුකාබ)

දෙවන ස්ථානය - ආධුණික කාන්තා සෙබල ඒ.එල්.එස්.ඩි. ලියනගේ (4 (සෙව්) ශ්‍රීලයුකාබ)

තෙවන ස්ථානය - කාන්තා සෙබල කේ.එම්.එස්. වික්‍රමසුරිය (6 (සෙව්) ශ්‍රීලයුකාබ)

Nike air jordan Sneakers | UOMO, SCARPE