Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2018 19:18:40 Hours

යාල හරහා කතරගම වෙත ‘පාද යාත්‍රාවේ’ පැමිණෙන බැතිමතුන්ගේ ගමනා ගමන පහසුව සඳහා නව පාලමක්

එළැඹෙන කතරගම ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා පාගමනින් ‘පාද යාත්‍රා’වේ යෙදෙන වන්දනාකරුවන් ඉතා දුෂ්කර මාර්ගයන් ඔස්සේ පැමිණෙන අතර ඔවුන්හට කතරගම උතුරු පෙදෙසත්, යාල අභය භුමියේ එක් කලාපයක් ආවරණය කරමින් කටුපිලආර ජල මාර්ගය තරණය කිරිමට සිදුවන බැවින් ඒ සඳහා කටුපිලආර ජල මාර්ගය හරහා ගමන්ගැනිමේ පහසුව සලසමින් තාවකාලික පාලමක් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 122 වන බලසේනාවේ 6 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකා භට පිරිස් විසින් ඉදිකරන ලදී.

මෙම වන්දනාගමන සඳහා වැඩිහිටියන්, ළමුන්, කාන්තාවන් මෙන්ම ළදරුවන් අතැතිව පැමිණෙන මව්වරුන් ද එක්වන අතර පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා යොදවා ඇති ගිලන් රථ හා වෙනත් පහසුකම් සලසන රථවාහන සඳහා මෙම ජල මාර්ගය හේතුවෙන් ඇති විය හැකි අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත භට පිරිස් විසින් මෙම තාවකාලික පාලම සවි කර ඇති අතර, මෙමගින් වන්දනාවේ යෙදෙන බැතිමතුන්හට සිදුවිය හැකි අන්තරායන් සහ අපහසුතාවයන් වළක්වා ගත හැකිය.

යාපනය අර්ධද්වීපයේ වෙසෙන දමිළ බැතිමතුන් කතරගම ඇසළ මංගල්‍යය ඇරඹෙන ජුලි මාසයට ප්‍රථම මාස 02 කට පෙර සිටම පාද යාත්‍රාවේ යෙදෙන අතර ඔවුන් ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, කුමන සහ කිරින්ද යන ප්‍රදේශයන් පසුකරමින් යාල රක්‍ෂිතය හරහා කතරගම වෙත ලගාවේ.

Nike shoes | Air Jordan Release Dates 2020