Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2018 17:03:17 Hours

යාපනයේ සිවිල් වැසියන්ට සහ පාසල් සිසුන්ට තවත් පරිත්‍යාගයක්

චාල්ස් තෝමස් සහෝදර පදනමේ ‘දහම් පහන’ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස යාපනය ප්‍රදේශයේ තෝරාගත් පාසල් සිසුන් වෙනුවෙන් පාපැදි 100 ක් සහ අඩු ආදයම්ලාභි පවුල් වෙත පොල් පැල 3000 ක් බෙදාදීමේ උත්සවයක් සඳුදා (09) දින යාපනය විරසිංහම් ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

මේ අතර, ‘දහම් පහන’ පදනමේ අනුග්‍රාහකත්වය ඇතිව කයිට්ස් හි පිහිටා ඇති කරප්පන් ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ තාක්‍ෂණික සහ ඉංජිනේරු විශේෂඥයින්ගේ දැනුම මෙන්ම ශ්‍රාමදායකත්වය යොදාගනීමින් නව නිවසක් ඉදිකරනු ලැබු අතර අඟහරුවාදා (10) දින ප්‍රධාන අනුග්‍රහකයෙකු සහ නව නිවසලාභි පවුලේ සාමාජිකයින් විසින් සමරුඵලකය නිරාවරණය කරමින් නව නිවස විවෘත කරනු ලැබීය.

චාල්ස් තෝමස් සහෝදරයාගේ සහභාගීත්වයෙන් විරසිංහම් ශ්‍රවණාගාරයේ දී පැවැති මෙම උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟින් දහම් පහන පදනමේ සාමාජිකයින්, පූජකවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ග්‍රාම නිලධාරිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මෙහෙයවීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය දහම් පහන වැඩසටහන සමඟ සහයෝගිතාවයෙන් දියත් කරනු ලැබූ අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආශිර්වාදය ඇතිව දහම් පහන පදනම යාපනය ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල්වල ජිවන තත්ත්වය ඉහල නැංවීම සඳහා විවිධ සුභසාධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ප්‍රදේශයේ සිසුන්ගේ සහ සිවිල් වැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන, පාසල් බළධාරීන්, ප්‍රදේශිය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරිවරුන්ගේ සහාය ද ලබාදෙනු ලැබීය. trace affiliate link | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp