Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2018 16:00:15 Hours

යාපනයේ භට පිරිස් ද පරිසර සංරක්‍ෂණය සඳහා දායක වේ

ලෝක පරිසර සතිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන අනෙකුත් ව්‍යාපෘතින්ට සමගාමීව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපති සියලු සේනාංක, බලසේනා සහ ඒකකයන්හි පරිසර සංරක්‍ෂණ වැඩසටහන් 2018 මැයි මස 30 වන දින ක්‍රියාවට නංවන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම කඳවුරුවල භට පිරිස් විසින් පරිසරය පිරිසිදු කිරීම, පැළ සිටුවීම සහ වෙරළ සංරක්‍ෂණය කිරීමේ වැඩසටහන් පරිසරය ආරක්‍ෂා කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලැබීය.

තවද, ස්ථාන කිහිපයක එවැනි වූ වැඩසටහන් පවත්වා තෝරාගත් සිවිල් වැසියන් වෙත පැළ බෙදාදීමක් ද සිදු කළහ.

latest jordans | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival