Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st August 2018 12:33:37 Hours

යාපනයේ තවත් ඉඩම් අක්කර 4.2 ක් මුදාහැරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ කන්කසන්තුරෙයි, කන්කසන්තුරෙයි මධ්‍යම ජේ/234 ග්‍රාම සේවා වසම තුල පරිහරණය කරන ලද ඉඩම් අක්කර 4.2 ක භුමි ප්‍රදේශයක් එම ප්‍රදේශයේ ඉඩම් වල නිත්‍යානුකුල හිමිකරුවන් වෙත භාරදීම අඟහරුවාදා (21) දින කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පැවති කෙටි උත්සවයකදී සිදුකරන ලදී.

මෙහිදී ඉඩම් නිත්‍යානුකුල හිමිකරුවන් වෙත භාරදීම සංකේතවත් කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් එම ඉඩම් අක්කර 4.2 ක භුමි ප්‍රදේශයට අදාල නිල ලේඛනයන් යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේතනායහන් මහතා වෙත භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් (ඉඩම්), තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්, ඉඩම් හිමියන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ. Sports Shoes | Nike Shoes