Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2015 22:39:29 Hours

යාපනය සෙබලුන් ගංවතුරෙන් අවතැන්වූවන් සදහා උපකාර කරයි

පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරෙන් අවතැන් වූ යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් සදහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සිටින බලසේනා සහ බලඇණිවල සෙබලුන් විසින් ආහාර ,ප්‍රවාහන සහ අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් සපයා ඇත. එමෙන්ම අගහරුවාදා (17) යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත ගංවතුරෙන් අලාභ හානී ඇති වූ ප්‍රදේශයන්හි සංචාරය කර ඒ ඒ ප්‍රදේශයන්හි බලසේනාධිපතිවරුන් සහ බලඇණි අණ දෙන නිළධාරීන් මෙම අපාදා අවස්ථාවේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරනු ලැබීය. මේ අතරතුර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින ඉංජිනේරු සෙබලුන් විසින් ආපදා ප්‍රදේශයන්හි කාණු පද්දති පිරිසිදු කරමින් අතිරික්ත ජලය ගලා යෑමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනු ලැබීය.short url link | Nike