Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2018 23:18:33 Hours

යාපනය සුභසාධක මධ්‍යස්ථානයන්හි සිසුන් දිරිගැන්වීමට ත්‍යාග

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බළසේනාවේ භට පිරිස් විසින් තවත් මානුෂිය ව්‍යාපෘතියක් ලෙස සිවිල් දානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් සුභ සාධක මධ්‍යස්ථානයන්හි වෙසෙන පාසල් ළමුන් 25 වෙත පාසල් උපකරණ බෙදාදීමක් සංවිධානය කලහ.

මෙම ව්‍යාපෘතිය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ උපදෙස් මත 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ විසින් යාපනය යෝගපුරම් සහ සෙල්වපුරම් හි පාසල් අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් සෙනසුරාදා (24) දින ක්‍රියාත්මක කරන ලදි.

රුපියල් 5000 වටිනාකමකින් යුත් ත්‍යාග පාර්සල් සඳහා මාධව මංචනායක මහතා සහ තුසිත ප්‍රනාන්දු මහතාගේ අනුග්‍රහය හිමිවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද ප්‍රජා සත්කාරක වැඩ සටහන් මාලාවට සමගාමීව දුප්පත් පවුල්වල ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙන්ම යාපනය අඩු ආදායම්ලාභී පවුල් හා පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේ අරමුණින් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

අදාළ පාසල් දෙකෙහි ගුරුවරුන් විසින් පසුව කෙටි කතාවකින් යුද්ධ හමුදාවට සිය කෘතඥතාව පළ කලහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අදාල විදුහල් 2 හි ගුරුවරුන් සහ පාසල් සිසුන් විසින් උණුසුම් අයුරින් පිලිගනු ලැබිණි. සාම්ප්‍රදායික ලෙස පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කිරිමෙන් අනතුරුව විදුහල්පති විසින් පිලිගැනිමේ කතාව සිදුකරන ලදි. එමෙන්ම මෙම වැඩසටහනෙහි වැදගත්කම වටහා ගත් සේනාංකාධිපති විසින් අදාල පරිත්‍යාගයේ දානපතියන් සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදි.

521 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව හෙට්ටිආරච්චි මහතාගේ අධික්ෂණයෙන් 22 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් ලලිත් සමරකෝන් ගේ සම්බන්ධිකරණයෙන් මෙම උත්සවය පැවැත්වීය.

අවතැන්ව යාපනය සුභසාධක මධ්‍යස්ථානයන්හි ජීවත්වන සිසු සිසුවියන්ගේ අධ්‍යාපන පහසුකම් නංවාලීම සඳහා යුද්ධ හමුදාව දැරූ ප්‍රයත්නය සබැඳිව ගුරුවරුන් සහ සිසුන් විසින් අගය කිරිමට ලක් කලහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

buy shoes | 『アディダス』に分類された記事一覧