Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසික රෝගීන්ට විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් ලේ දන්දෙයි

යාපනය ශික්ෂණ රෝහල් ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ රාජකාරීන්හි නිරත 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් බලඇණි 29 වැනි සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක් බ්‍රහස්පතින්දා (21) දින එම බලඇණි කඳවුරු පරිශ්‍රයේදී සංවිධානය කරන ලදි.

1 වන විජයබාහු පාබල බලඇණියේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ධම්මික ජයරත්නගේ සහායෙන් බල ඇණි නිලධාරින් සහ සෙසුනිලයින් මෙම ලේ දන්දිමේ ව්‍යාපාරය සංවිධානය කලහ. යාපනය ශීක්ෂණ රෝහල් ලේ බැංකු වෛද්‍ය කණ්ඩායමක් ලේ දන්දිමේ ව්‍යාපාරය සාර්ථක කරගැනිමට ඔවුන්ගේ සහයෝගය ලබා දෙන ලදි.

යුද්ධ හමුදාපතිතුමන්ගේ අනුමැතියෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මෙම ලේ දන්දීමේ ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් 1 වන විජයබාහු බලඇණිය වෙත ලබාදී තිබූ අතර, අණදෙන නිලධාරි ඇතුළු භටපිරිස් 109 දෙනෙකු මෙහිදි ලේ දන්දිමට දායක වුහ.

තවද, මෙම ලේ දන්දිමේ කඳවුර සඳහා 521 වන බල සේනාව, 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 16 වන (ස්වේච්ඡා) විජයබාහු බල ඇණිය සහ 22 වන ජාතික ආරක්ෂක බලමුළු නිලධාරින් සහ භට පිරිස් ද ‍ලේ දන්දිමට දායක වුහ.

Sports brands | UK Trainer News & Releases