Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2018 20:20:37 Hours

යාපනය ප්‍රදේශයේ තවත් පෙර පාසල් ළමුන් පිරිසක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

යාපනය, තරුණ පිරිමි හින්දු සංගම් පෙර පාසලේ සහ කොන්ඩාවිල්, කුට්ටි-චුට්ටි පෙර පාසලේ සිසුන් කණ්ඩායමක් සිකුරාදා (21) දින පලිලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ අතර පෙර පාසල් දෙකෙහි ගුරුවරුන් විසින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ළමුන් සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.

මෙම සංචාරය සඳහා පෙර පාසල් දෙකෙහි සිසුන්, ගුරුවන් සහ දෙමාපියන් ඇතුළුව 344 දෙනෙකු සහභාගි වූ අතර යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන් සඳහා අවශ්‍ය ආහාරපාන ඇතුළු අනෙකුත් පහසුකම් සපයනු ලැබීය. buy shoes | NIKE HOMME