Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th February 2018 11:54:34 Hours

යාපනය ප්‍රදේශයේ අභාවප්‍රාප්ත මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම් වෙත හමුදා ගෞරව

වසර 22 ක නොකැළැල් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම්, බදාදා (07) දින සන්ධ්‍යාවේ යාපනය, වල්ලලෙයි, පොදු සුසාන භූමියේ දී ඥාතී හිතමිත්‍රාදීන්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක ඇතුලු හමුදා සාමාජිකයින් මධ්‍යයේ සියළු හමුදා ගෞරව සහිතව අවසන් ගමන් ගියහ.

අසුහැවිරිදි වියේ පසු වූ විශ්‍රාමික මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම්, 2018 පෙබරවාරි මස 03 දින අභාවප්‍රාප්ත විය. 1957 නොවැම්බර් මස 08 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක් වී ශ්‍රී ලංකා ඉංජිනේරු 1 වන ක්ෂේත්‍ර බලඝණයට ඇතුලත්ව වසර 22 ක යුද්ධ හමුදා සේවා කාලයකින් පසු 1979 නොවැම්බර් මස 08 දින විශ්‍රාම යන ලදි.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරි කණ්ඩායමක් බදාදා (07) දින අභාවප්‍රාප්ත විශ්‍රාමික මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම් ගේ දේහය තැන්පත් කර ඇති නිවසට ගොස් අවසන් ගෞරව දැක්විය.

එහිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවුලේ සාමාජිකයන් හා සමීපතම ඥාතීන් වෙත සිය ශෝකය පළ කර සිටියහ.

නිවසේ සිට අවමගුල් රථයෙන් රැගෙන ආ දේහය හමුදා ගෞරව පුදකිරිම සඳහා වල්ලලෙයි මංසන්ධියේ සිට 10 වන කාරක ක්ෂේත්‍ර ඉංජිනේරු බලකා සෙබලුන් විසින් භාරගන්නා ලද අතර දේහය සහිත පෙට්ටිය ශ්‍රී ලංකා ජාතික ධජයෙන් ආවරණය කරන ලදී. අනතුරුව අභාවප්‍රාප්ත විශ්‍රාමික මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම් ගේ දේහය සිය බලකා සෙබළුන්ගේ කර මතින් සුසාන භුමිය වෙත හමුදා සම්ප්‍රදායානුකූලව රැගෙන යන ලදී.

මෙහිදි අභාවප්‍රාප්ත විශ්‍රාමික මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම් වෙනුවෙන් පලකරන ලද විශේෂ හමුදා නියෝග පළමු කොටස කියවන ලද අතර හමුදා සෙබලෙකු වශයෙන් ලද හැකි උපරිම හමුදා ආචාරය මෙහිදි පිරිනැමිය. ඉන් අනතුරුව ඔහු සිය දැයෙන් නික්ම යන අවස්ථාව සංකේතවත් කරමින් බියුගල් නලාව වාදනය කරන ලදී.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ අධික්ෂණයෙන් මෙම අවමංගල්‍ය උත්සවය සංවිධානය කරන ලද අතර එතුමන් විසින් අභාවප්‍රාප්ත විශ්‍රාමික මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම් සිය මාතෘ භුමිය වෙත හා යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරන ලද සේවය වෙනුවෙන් පිරිනමන ලද පදක්කම් හා ගෞරව නාමයන් සියල්ල ඔහුගේ පවුලේ ඥාතින් වෙත පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ අවදියේ විශ්‍රාමික හමුදා සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් යාපනය අර්ධද්විපයේ සේවා මුක්ත භට සංගමයේ ශාඛාවක් පිහිටුවන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අවමංගල්‍ය උත්සවය යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව සිදුකිරිමට අවස්ථාව උදාවිය.

Sneakers Store | Nike Shoes