Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2017 15:19:07 Hours

යාපනය නව ආඥාපති 51 සහ 52 යන සේනාංකයන්හි සංචාරයක

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාරගැනිමනේ අනතුරුව සිය පළමු නිල සංචාරය ලෙස සිකුරාදා (31) දින යාපනය, කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංක මුලස්ථානයේ සහ සෙනසුරාදා (01) දින වරණි ප්‍රදේශයේ පිහිටි 52 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි.

ඒ අනුව, 51 වන සේනාංකය වෙත පැමිණි නව ආඥාපතිවරයා වෙත 25 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා විසින් නව ආඥාපතිවරයා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව එම සේනාංකයේ කාර්යභාරයන් පිළිබඳව නව ආඥාපතිතුමා දැනුවත් කිරීම සිදු කළහ.

එමෙන්ම නව ආඥාපතිවරයා 51 වන සේනාංකයේ භට පිරිස් ඇමතිමට ප්‍රථම සිය සංචාරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබිය.

නව ආඥාපතිවරයා විසින් 51 වන සේනාංකයට අයත් භට පිරිස් ඇමතිම සිදු කළ අතර, එම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති සමඟින් 511, 512, 513 සහ 515 යන බලසේනාවන් හී බලසේනාධිපතිවරුන්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් ද එක්ව සිටියහ.

එමෙන්ම, යාපනය ආරක්ෂක සේනා නව ආඥාපතිවරයා සෙනසුරාදා (01) දින වරණී හි පිහිටි 52 වන සේනාංකයේ ද සංචාරයක නිරත විය.

52 සේනාංකය වෙත පැමිණි නව ආඥාපතිවරයා, පිළිගැනීම එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නි ආරච්චි විසින් සිදු කළ අතර, 12 වන ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිම ද සිදු කළහ. තවද, 52 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම බලප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් පිළිබඳ ආඥාපතිතුමා දැනුවත් කිරීම ද සිදු කරනු ලැබීය.

මෙම සංචාරය සිහිවනු වස් අඹ පැළයක් රෝපණය කළ අතර, භට පිරිස්හි පහසුකම් සහ අනෙකුත් සුබසාධන කටයුතු පිළිබඳව ද සොයා බලන ලදි.

අනතුරුව, ආඥාපතිතුමා භට පිරිස් අමතමින් සියලු වැඩකටයුතු ඉතා උසස් අයුරින් සිදු කරන ලෙසත්, පුහුණුව ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යන ලෙස අවධාරණය කළ අතර, මෙම අවස්ථාව සඳහා 521, 522 සහ 523 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

තවද, නව ආඥාපතිතුමා සියලු නිල භෝජන සංග්‍රහයට ද සහභාගි වූ අතර, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

affiliate tracking url | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4