Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2017 18:46:07 Hours

යාපනය ජනතාවට යුද හමුදාවෙන් නව සෞඛ්‍ය පහසුකම්

ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් සෑම විටම විශිෂ්ඨ මෙහෙවරක යෙදෙමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වඩුක්කෝඩෙයි සහ කයිට්ස් ප්‍රාදේශිය රෝහල් හි බාහිර රෝගී අංශ සෞඛ්‍ය පහසුකම් සහ යාපනය මරතන්කර්නි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකිර්ණය ඉදිකර ජනතා අයිතියට පත්කරමින් ඉරිදා (24) දින සුවිශේෂි මෙහෙවරක යෙදුණි.

අද උදෑසන (24) පැවති අභිනව විවෘත කිරිම් උත්සවයට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ගරු අමාත්‍ය රාජිත ‍සේනාරත්න මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර, එතුමන් හා පැමිණි පිරිස පලාලි ගුවන් තොටුපලේ දී ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් පිළිගැනීමෙන් අනතුරුව ව්‍යාපෘති පරීශ්‍රය වෙත ගමන් ගන්නා ලදී. එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන් සහ යුද හමුදාධිපති නියෝජනය කරමින් මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ද විවෘත කිරීමේ උත්සව අවස්ථාවන්ට සහභාගි විය.

සමරු ඵලකය නිරාවරණය කල ආරාධිත අමුත්තන් ඉන් අනතුරුව පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් පිරිසක් සමගින් වඩුක්කෝඩෙයි සහ කයිට්ස් ප්‍රාදේශීය රෝහල බාහිර රෝගී අංශ සහ මරතන්කර්නි ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරි කාර්යාලය දක්වා ගමන් ගන්නා ලදි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක 2016 වර්ෂයේ යාපනය ආඥාපතිවරයා වශයෙන් රාජකාරින් ඉටුකරමින් සිටි අවධියේදි මෙම කයිට්ස් සහ වඩුක්කෝඩෙයි ප්‍රාදේශීය රෝහල් බාහිර රෝගී අංශයේ සහ මරතන්කර්නි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකිර්ණය ඉදිකිරිම යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් භාරගන්නා ලදි.

යුද හමුදා ඉංජිනේරුවන්ගේ සහ යාපනය හමුදා භට පිරිස් හි වෙහෙසකර කැපවීමත් ශ්‍රම දායකත්වයත් හේතුවෙන් රජයට ශ්‍රම පිරිවැය සඳහා බරක් නොවි යාපනය ජනතාවට දිගු කලක සිට අවශ්‍යතාවයක් වී තිබු මෙම ගොඩනැගිලි සහ පහසුකම් ඉදිකර දීමට යුද හමුදාව සමත් වී ඇත.

මෙම ව්‍යාපෘතිය සදහා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර කේන්ද්‍රකරගත් ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහි ලෝක අරමුදල (Global Fund to Fight AIDS, Tuberculosis and Malaria (GFATM)) විසින් මුල්‍යාධාර සපයන ලද අතර වඩුක්කෝඩෙයි බාහිර රෝගී අංශය සදහා රුපියල් මිලියන 28.03 ක් ද කයිට්ස් බාහිර රෝගී අංශය සදහා සහ මරතන්කර්නි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිකිරිම සදහා රුපියල් මිලියන 30.3 ක් ද වැයකර තිබුණි. ඉන්පසු, නව බාහිර රෝගී අංශ සහ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකිර්ණය ගොඩනැගිමේ අභියෝගාත්මක කටයුත්ත යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා වු මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි විසින් භාරගනු ලැබු අතර, අදාල ව්‍යාපෘතිය නියමිත පරිදි නිම කිරිමට යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අදහස් කර තිබු බැවින් එතුමන් ගේ සෘජු සම්බන්ධීකරණයෙන් සහ යාපනය ආඥාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බලකා ශක්තිය සහ තාක්ෂණික උපදෙස් මත යාපනය හමුදා භට පිරිස් විසින් ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදි.

උත්සව අවස්ථාවට පැමිණ සිටි පුජ්‍ය පක්ෂයේ ආගමික වතාවත් වලින් අනතුරුව ගරු අමාත්‍යවරයා නව බාහිර රෝගී අංශයේ පළමු රෝගියා සංකේතාත්මකව ලියාපදිංචි කරමින් බාහිර රෝගී ප්‍රතිකාර ආරම්භය සනිටුහන් කලේය.

ඉන් අනතුරුව ජනතාව ඇමතු ගරු අමාත්‍යවරයා එම සත්කාරය සඳහා යුද හමුදාවේ දායකත්වය මහත් ඉහලින් වර්ණා කර යුද්ධ හමුදාධිපතිවරයා සහ ව්‍යාපෘතියට දායක වු සියළු දෙනාට තම ප්‍රශංසාව පල කලහ.

වඩුක්කෝඩෙයි සහ කයිට්ස් ප්‍රාදේශිය රෝහල් බාහිර රෝගී අංශයන් හි ඉඩ ප්‍රස්ථා වැඩි කරගැනිම ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් ව තිබු අතර ලුතිතන් ජෙනරාල් ‍මහේෂ් සේනානායක එවකට යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා වශයෙන් රාජකාරින් ඉටු කරමින් සිටි අවධියේ දී එම අවශ්‍යතාවය සම්පුර්ණ කිරිමට පියවර ගනිමින් අදාල බලධාරින් ද දැනුවත් කල අතර, අවසානයේ දී උත්සාහය මෙසේ සඵල කරගැනිමට හැකිවිය.

මුල්‍යාධාර සහයෝගය ලද ආයතන නියෝජිතයින්, උතුරු පළාත් ආණ්ඩුකාර, පාර්ලිමේන්තු මන්ත්‍රින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්, ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් යාපනය ප්‍රදේශයේ පැවති මෙම විවෘත කිරිම් උත්සව අවස්ථාවන්ට සහභාගි විය.

මෙයට අමතරව, රුපියල් මිලියන 51 ක් වටිනා සන්කනේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාලය, රුපියල් මිලියන 54 ක් වටිනා වෙලනි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ රුපියල් මිලියන 18.62 ක් වටිනා කොඩිකාමම් බාහිර රෝගී අංශය යුද හමුදාව විසින් ඉදිකිරීම් භාරගනු ලැබ නුදුරේදිම වැඩ නිමකිරිමට නියමිතය.

Best Sneakers | Yeezy Boost 350 Trainers