Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2017 15:08:50 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කෙරේ

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ අදහසකට අනුව එම ආරක්ෂක සේනා මුලස්ථාන බළ ප්‍රදේශයට අයත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්හට හදිසි ආපදා තත්වයක දී ඊට මුහුණදිම පිළිබඳව දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් (මැයි මස 25 සහ 26) යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

‘හදිසි ගංවතුර සහ නියගයන්’ වැනි ආපදා තත්වයන් සඳහා මුහුණදිම පිළිබඳව අවධානය යොමු කළ මෙම දෙදින වැඩමුළුවේ දේශණ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දේශකයින් විසින් සිදු කළ අතර, මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 250 ක් ඇතුලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 330 ක් සහභාගි වූහ.

මෙම දෙදින වැඩමුළුව 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Running sneakers | Men's Sneakers