Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2018 18:17:13 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පැසිපන්දු තරඟාවලියේ ශුරතාවය 14 වන ගජබා රෙජිමේන්තුවට

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පැසිපන්දු තරඟාවලියේ අවසන් තරඟය සිකුරාදා (16) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

මෙම ක්‍රීඩා ඉසව්ව නිලධාරීන් හා සෙසුනිලයින් අතර අන්නෝන්‍ය අවබෝධය වර්ධන කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබීය.

මෙම පැසිපන්දු තරඟාවලිය සඳහා කණ්ඩායම් 15 ක් තරඟ වැදුණු අතර, තරඟාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබු 4 විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම පරාජයට පත් කරමින් තරඟාවලියේ ශුරතාවය හිමි කරගැනීමට 14 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම සමත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූ අතර, ශුරතාවය හිමි කරගත් 14 වන ගජබා රෙජිමේන්තු කණ්ඩයම වෙත ශුරතා කුසලානය ද පිරිනැමිය.

මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම සඳහා යාපනයේ පදිංචි එස්. ශිවදාස් මහතා, ජේ. ප්‍රසන්දන් මහතා, පී. යොහානන් මහතා සහ ඩී. මුහන්දන් මහතා දැක්වු දායකත්වය ඇගයුමට ලක් කළහ.

Mysneakers | Sneakers Nike