Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2018 22:39:39 Hours

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අඩු ආදායම් ලාභි පාසල් සිසුන් 2350 ක් සඳහා පාසල් උපකරණ බෙදා දේ

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් මැලේසියාවේ මහා කරුණා බෞද්ධපදනම විසින් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පාසල් දරුවන් 2350 දෙනෙකු වෙත පාසල් උපකරණ ලබාදීමක් යාපනය අර්ධද්වීපයේ ස්ථාන 6 කදී උත්සවාකාරයෙන් සිදුකරන ලදී.

යාපනයේ ඌරුම්පිරෙයි හින්දු විද්‍යාලය, උඩුපිඩ්ඩි කාන්තා විද්‍යාලය, නෙල්ලියඩ්ඩි මධ්‍ය මහා විද්‍යාලය, ඉන්නුවිල් අර්.සි.ටි. මහා විද්‍යාලය සහ චාචකච්චේරි හින්දු විද්‍යාලය යන විද්‍යාලයන්හි ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභි පාසල් සිසුන් සඳහා පොත් පත්, පාසල් උපකරණ, අධ්‍යාපනික ආධාරක සහ පාසල් බැග් වැනි මුලික අවශ්‍යතාවයන් මෙසේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මෙම දරුවන් හට ලබාදීම සිදුකරන ලදි.

මහා කරුණා බෞද්ධ පදනමේ අනුශාසක පුජ්‍ය බුත්වත්තේ ශ්‍රී සරණංකර නායක ස්වාමින්වහන්සේ, ලෝක තරුණ භික්ෂු සංගමයේ මහ ලේකම් පුජ්‍ය මුගුණුවෙල අනුරාධ ස්වාමින්වහනසේ, මහා කරුණා බෞද්ධ පදනමේ සභාපති ජෙකොබ් චෑන් මහතා, මහා කරුණා බෞද්ධ පදනමේ නිලධාරින්, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන, බ්‍රිගේඩියර් අජිත් ඇල්වත්ත, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, 523 වන බල සේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද ප්‍රදේශයේ තෝරාගත් පාසල්වල වෙන් වෙන් වශයෙන් පැවති පාසල් උපකරණ බෙදා දිමේ උත්සවයන් සඳහා එක්ව සිටියහ.

මෙම පාසල් උපකරණ බෙදා දිමේ අවස්ථාවට පෙර පුජ්‍ය බුත්වත්තේ ශ්‍රී සරණංකර නායක ස්වාමින්වහන්සේ සහ පුජ්‍ය මුගුණුවෙල අනුරාධ ස්වාමින්වහනසේ ඇතුළු මැලේසියාවේ මහා කරුණා බෞද්ධ පදනමේ නියොජිතයින් පිරිසක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී  යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි සුහදව හමුවිය.

මහා කරුණා බෞද්ධ පදනමේ නිලධාරින් සහ යුද්ධ හමුදා සම්බන්ධිකරණ නිලධාරින් විසින් අදාල පරිත්‍යාග භාණ්ඩ පාසල් සිසුන්ට ලබාදීම සිදුකරන ලද අතර, විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් මේ සඳහා එක්ව සිටියහ.

Adidas shoes | Jordan Ανδρικά • Summer SALE έως -50%