Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd February 2017 16:03:27 Hours

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් හි දී දක්ෂතා දැක්වුවන් වෙත ත්‍යාග

යාපනය ප්‍රදේශයේ සිසුන් දිරිමත් කිරීමේ අරමුණින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේ දී දක්ෂතා දැක්වුවන් වෙත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් වටිනා ත්‍යාග පිරිනමන ලදි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර බ්‍රහස්පතින්දා (02) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අතර, එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත් චුන්නාකම්, ස්කන්ධවරෝදය විද්‍යාලයේ ජේ. කනකසුන්දරම්, කලා විෂය ධාරාවෙන් දෙවන ස්ථානය හිමි කර ගත් මනිපායි, හින්දු විද්‍යාලයේ පී. කුරුපරේෂන් යන සිසුන් හට ඔවුන්ගේ දක්ෂතාවයන් අගය කරමින් ලැප්ටොප් පරිගණක දෙකක් සහ ශිෂ්‍යවත්ව ප්‍රදානය කරන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීමකට අනුව මෙම ලැප්ටොප් පරිගණක දෙක EW Information Systems Ltd වෙතින් ලබාදෙන ලදි.

මෙම අවස්ථාව ඇමතු යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින්, පාසල් කැඩෙට් කණ්ඩායමේ සාමාජිකයින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් හි දී පිළිවෙලින් ‘ඒ’ සාමාර්ථ 9 ක් ද, ‘ඒ’ සාමාර්ථ 3ක් ද ලබාගත හොත් ඔවුන් වෙත ඉදිරියේ දී තව තවත් ශිෂ්‍යත්ව ලබාදීමට ද මෙහිදි පොරොන්දු විය.

මෙවැනි වැඩසටහන් මඟින් යාපනය ප්‍රදේශයේ සිසුන් ද ඇතුලු මහජනතාව හා ආරක්ෂක හමුදාවන් අතර හොඳහිත, සංහිඳියාව, අනෝන්‍ය අවබෝධය සහ විශ්වාසය වර්ධනය වන බව විශ්වාස කෙරේ.

චුන්නාකම්, ස්කන්ධවරෝදය විද්‍යාලයේ විදුහල්පති එස්. සෙල්වස්තන් මහතා, මනිපායි හින්දු විද්‍යාලයේ විදුහල්පති එම්. ඉන්ද්‍රපාල මහතා, ගුරුවරුන්, දෙමාපියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sportswear Design | Nike - Shoes & Sportswear Clothing