Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2018 18:35:22 Hours

යාපන අර්ධද්වීපයේ දක්ෂ සිසුන් සඳහා පාපැදි බෙදා දේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ධානපතියෙකුගෙන් කරන ලද ඉල්ලීමකට අනුව යාපනය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල තෝරාගත් ළමුන් විසි දෙදෙනෙකු සඳහා පා පැදි බෙදා දීම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රදානත්වයෙන් සඳුදා (16) දින පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.

මේ දක්වා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් එම ප්‍රදේශයේ පිහිටා ඇති දුෂ්කර පාසල් වෙත පැමිණෙන සිසුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය සඳහා පහසුකම් සලසමින් පාපැදි 500 කට අධික ප්‍රමාණයක් බෙදා දී ඇත.

ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිළධාරීන්, ග්‍රාම සේවා නිළධාරීන් පාසල්වල විදුහල්පතිවරුන් ආදී ප්‍රදේශයේ බළධාරීන්ගේ නිර්දේශයන් ද සහිතව මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම අනුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී සිසු දරු දැරියන් සඳහා පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රාහක දායකත්වය ඇතිව පා පැදි බෙදා දීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබීය. Nike footwear | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ