Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2018 10:06:47 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය විවෘත කෙරේ

රට වෙනුවෙන් දිවිපිදු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 1380 ක් රණවිරුවන් අනුස්මරණය කරමින් එම රෙජිමේන්තු භට පිරිස් විසින් දඹුල්ල පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මුලස්ථානයේ ඉදිකරණ ලද රණවිරු ස්මාරකය සඳුදා (20) දින විවෘත කරනු ලැබීය.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ ආරාධනයෙන් මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය. කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමියේ දී සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදි.

එහිදි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් ඇමතු යුද්ධ හමුදාධිපතිතුමා සමුහ ඡායාරූපයකට ද පෙනිසිටියහ. අනතුරුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු රෙජිමේන්තු අධිපතිගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඵලකය නිරාවරණය කරමින් උත්සවාකාරයෙන් රණවිරු ස්මාරකය විවෘත කර සිය ගෞරවය පුද කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. url clone | Nike