Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මේස පන්දු තරඟාවලියෙන් සංඥා බළකායට ජය

පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරිරීක පුහුණු පාසලේදී ඔක්තෝබර් මස 24 සිට 27 දක්වා පැවති අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරඟාවලිය - 2017 හි ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා සංඥා බලකාය සමත්වූ අතර, යුද්ධ හමුදා සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් ජාතික තලයේ දක්ෂ මේස පන්දු ක්‍රීඩකයින් රැසක්ද ශූරතාවය සඳහා තරඟ වැදුණහ.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා සංඥා බලකාය පිරිමි සහ කාන්තා යන ඉසව් දෙකෙහිම දක්ෂතා දැක්වූ අතර, පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය එම බලකායේ කපිතාන් ජේ.ඒ.වයි.එස් ජයකොඩි ද, කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය සංඥා සෙබල (කාන්තා) ඊ.ඩී වරුෂවිතාන ද හිමිකර ගන්නා ලදි.

මෙම තරඟාවලියේ සමාප්ති උත්සවය ඔක්තෝබර් මස 27 දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා ශාරිරීක පුහුණු පාසලේ දී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ සහභාගී වූ අතර, යුද්ධ හමුදා මේස පන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් ආරාධිත අමුත්තා සාදරෙයන් පිලිගන්නා ලදි.

Sportswear free shipping | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov