Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2016 14:35:34 Hours

මේජර් ජෙනරාල් රේනක වී. උඩවත්ත නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාරගනි

මේජර් ජෙනරාල් රේනක වී. උඩවත්ත නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස බ්‍රහස්පතින්දා (15) දින බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාර ගන්නා ලදි.

මේජර් ජෙනරාල් රේනක වී. උඩවත්ත යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීමට පෙර යුද හමුදා මූල්‍ය කළමණාකරන ශාඛාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරන ලදි.

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සංකේතාත්මකව නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගැනීම සිදු කෙරිනි.

ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Best jordan Sneakers | nike air max 95 obsidian university blue book list