Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2017 22:20:04 Hours

මේජර් ජෙනරාල් උපුල් විතානගේ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති තනතුරින් සමුගනි

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවයකින් පසු නුදුරේදි විශ්‍රාම යාමට නියමිත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ සිකුරාදා (02) දින සිය තනතුරින් සමුගන්නා ලදි.

තනතුරින් නික්ම යන ආඥාපතිතුමන් වෙත 18 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් සම්ප්‍රදානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර, මෙම අවස්ථාව සඳහා 11 වන සහ 12 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, 111 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමගින් නිලධාරින් සහ සෙසුනිලයින් ද එක්ව සිටියහ.

අනතුරුව, ආඥාපතිතුමන් හට සිය ධුරයේ රාජකාරි සිදු කිරිමේදි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළ අතර, අවසානයේ සියලු නිලයින්ගේ සහභාගිත්වයෙන් තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

Nike Sneakers Store | AIR MAX PLUS