Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2018 19:15:36 Hours

මූලතිව් 64 වන සහ 68 වන සේනාංක සිය සංවත්සර අභිමානවත්ව සමරයි

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාකයේ 10 වන සංවත්සරය සහ 68 වන සේනාංකයේ 09 වන සංවත්සරය පසුගියදා හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් සමගින් එම සේනාංක මූලස්ථානයන් හිදී අභිමානවත්ව සමරනු ලැබීය.

ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථානගත 64 වන සේනාංකයේ සංවත්සර දිනයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවත්වීමෙන් අනතුරුව සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වෙත සඳුදා (10) දින හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් පිරිනැමීය. තවද සංවත්සර දිනයට ආශීර්වාද එක්කරමින් ඉරිදා (09) දින සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හින්දු, කතෝලික සහ ඉස්ලාම් ආගමික වතාවත් පවත්වනු ලැබීය. සංවත්සර දිනයේ දී කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල සේනාංකාධිපතිතුමන් භට පිරිස් ඇමතීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රයක් සඳහා ද සහභාගි වූහ. එදින සන්ධ්‍යාවේ පැවැති සංගීත ප්‍රසංගයකින් සංවත්සර සැමරුම් වැඩසටහන නිමාවට පත්විය. එමෙන්ම, මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඇතුළු එම සේනාංකයේ සියලු නිලයින් සිය 9 වන සංවත්සරය හමුදා සම්ප්‍රදායානුකූලව සඳුදා (10) දින අභිමානවත්ව සමරනු ලැබීය.

සංවත්සර දිනයේ දී සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව සේනාංකාධිපතිතුමන්, භට පිරිස් ඇමතූ අතර සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද එක්විය. තවද සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කිරීමේ වැඩසටහනක් සහ සේනාංක මූලස්ථානයේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචන වැඩසටහනක් පැවැත්විණි. Sports brands | Hats to Match Jordans Hyper Royal Bulls Hat