Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මුලතිව් හි පැවති අන්තර් සේනාංක වොලිබෝල් ශුරතාවය 64 වන සේනාංකයට

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලිය - 2017 ශුරතාවය හිමිකර ගැනීමට 64 වන සේනාංකය සමත්විය.

59 වන සේනාංකයේ සංවිධායකත්වයෙන් ඉරිදා (05) දින මුලතිව් හි පැවති මෙම තරඟාවලියේ අවසන් තරඟය සඳහා 64 වන සේනාංක කණ්ඩායම සහ 68 වන සේනාංක කණ්ඩායම තරඟ කළ අතර, එහිදි 64 වන සේනාංකය වෙත ජයග්‍රහණය හිමිවිය.

ජනවාරි 29 සිට 31 දින දක්වා පැවති මෙම තරඟාවලිය සඳහා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස, 59 වන සේනාංකය, 64 වන සේනාංකය සහ 68 වන සේනාංකයන් හි කණ්ඩායම් සහභාගි වුහ.

මෙම තරඟාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස 68 වන සේනාංකයේ ලාන්ස් කෝප්‍රල් ටී.ඩී.එස්. අජිත්, හොඳම පිරිනමන්නා ලෙස ලාන්ස් කෝප්‍රල් වි.ඒ.ඩී.පී. විජේතුංග, හොදම ලිබොරො ක්‍රිඩකයා ලෙස ලාන්ස් කෝප්‍රල් කේ. උදය බංඩාර, අවසන් තරඟයේ දී හොඳම පිරිනමන්නා ලෙස ලාන්ස් කෝප්‍රල් එස්. සරත් කුමාර, හොඳම ප්‍රහාරකයා ලෙස ලුතිතන් එස්.පි.කේ.ඩි. කුමාර, හොඳම පන්දු ඔසවන්නා ලෙස කෝප්‍රල් නවරත්න ද සම්මාන ලැබිය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත පැවැත්වු මෙම තරඟාවලිය මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ 2017 වර්ෂයේ පැවැත්වු පලමු තරඟාවලිය වේ.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩී. වන්නිආරච්චිගේ අධික්ෂණය යටතේ 591 බලසේනාවේ බලසේනාධිපති කර්නල් එන්.එම්.ඩබ්.එස්.බී. නායකරත්නගේ සම්බධිකරණයෙන් මේ තරඟාවලිය 59 වන සේනාංකය විසින් සංවිධානය කර ඇත.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමා ත්‍යාඟ ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වු අතර, 59 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.

Running Sneakers Store | FASHION NEWS