Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2018 15:35:15 Hours

මුලතිව් සහ හම්බන්තොට සුහද ක්‍රිකට් තරඟය සඳහා යුද්ධ හමුදාවේ සහාය

මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනා මූලස්ථානයේ මුලිකත්වය ඇතිව හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම සහ මූලතිව් දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම අතර පන්දුවාර 20 - 20 සුහඳ ක්‍රිකට් තරඟයක් මූලතිව් හිදි බ්‍රහස්පතින්දා (08) දින පවත්වනු ලැබීය.

මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ පූර්ණ සහයෝගයෙන් මූලතිව් විද්‍යානන්ද විද්‍යාල ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම ක්‍රිකට් තරඟය නැරඹිම සඳහා විශාල ප්‍රේක්ෂක ජනතාවක් පැමිණසිටි අතර, තරඟයේ කාසිය වාසිය දිනාගත් හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා මුලතිව් දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමට ආරාධනා කළහ.

මුලතිව් දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණු 125 ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනීම ක්‍රීඩා කරමින් ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08 ක් දැවි ලකුණු 123 ක් රැස්කර ගත්හ. ඒ අනුව, මුලතිව් දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 03 ක ජයක් හිමි විය.

මුලතිව් දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමේ අරුනාචොලම් අන්දන් මහතා ලකුණු 41 ලබාගනීමින් තරඟයේ දක්ෂතම පිතිකරු ලෙස තේරිපත් වූ අතර ලකුණු 15 ට කඩුලු 2 ක් ලබාගත් හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමේ පී.කේ. ලසන්ත ශ්‍රී ලාල් මහතා දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරිපත් විය. තරඟයේ වීරයාට හිමි කුසලානය මුලතිව් කණ්ඩායමේ අරුනාචොලම් අන්දන් මහතා විසින් හිමිකරගත්හ.

59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ මඟපෙන්වීම යටතේ 592 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චානක රත්නායක ගේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම 20 - 20 ක්‍රිකට් තරඟය සංවිධානය කරනු ලැබීය.

මෙම තරඟයේ විනිසුරුවන් ලෙස වව්නියාව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විනිසුරු වන ආරියරත්නම් රවිහරන් මහතා සහ රාජේන්ද්‍රන් තසරිස් මහතා සහභාගි වුහ.

මෙම තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති ‍බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය සහභාගි වූ අතර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුන්දරලිංගම් ප්‍රභාකරන් මහතා, මුලතිව් විද්‍යානන්ද විද්‍යාලයේ විදුහල්පති කේ. ශීවලිංගම් මහතා, හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සභාපති වෛද්‍ය සංජය හේරත් මහතා ද එක්ව සිටියහ.

Nike sneakers | Men Nike Footwear