Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2018 21:07:02 Hours

මුලතිව් භට පිරිස් කඳවුරු පරිශ්‍රයේ දී ‘ඉෆ්තාර්’ සමරයි

යුද්ධ හමුදා සාමාජිකයන් අතර ආගමික සහජීවනය සහ හොඳහිත වර්ධනය කීරිමේ අරමුණින් ‘ඉෆ්තාර්’ සැමරුම් උත්සවයක් මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය එහි සේවයේ නියුතු මුස්ලිම් යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව සෙනසුරාදා (9) දින සංවිධානය කරන ලදී.

මේ සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු මුස්ලිම් යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වු අතර මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙහිදී, දෛනික රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු ඉස්ලාමීය ආගමික වතාවත් ආරම්භ කරන ලද අතර, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, සේනාංකාධිපතිවරුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

Mysneakers | Womens Shoes Footwear & Shoes Online