Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මුලතිව් දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලිය සාර්ථකව පැවැත්වීමට 64 සේනාංක භට පිරිස් හි සහාය

මුලතිව් දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මුලතිව් දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලිය පැවැත්වීම සඳහා 64 වන සේනාංක ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය ලබාදෙන ලද අතර, එම තරඟාවලිය නොවැම්බර් 6 – 7 දිනයන්හිදී පැවැත්වීමටද සියළු සහයෝගයන් ලබාදෙන ලදි.

ඒ අනුව මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ උපදෙස් අනුව එම සේනාංක භට පිරිස් විසින් ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණය ඇතුළු පහසුකම්, තරඟ විනිසුරුවරුන්ගේ සේවය, ස්ථානය අලංකාරවත් ලෙස සැරසීම, පානීය ජල සම්පාදන කටයුතු, ආසන පැනවීම මෙන්ම වෛද්‍ය සේවාවන් ආදිය ද සපයනු ලැබීය.

මෙම තරඟාවලිය සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5 කට අයත් වාරිමාර්ග දෙපාර්තමේන්තු, කෘෂිකර්ම දෙපාර්තමේන්තු සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යන ආයතනයන් නියෝජනය කරමින් 100 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූහ.

jordan release date | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK