Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th December 2018 21:40:20 Hours

මුලතිව් ගංවතුරෙන් විපතට පත්වූවන් මුදවා ගැනිමේ සහන කටයුතු සදහා යුද්ධ හමුදා සහය තවදුරටත්

පුලියමුනෙයි ප්‍රදේශයේ සෙනසුරාදා (22) දින අධික වර්ෂාව හේතුවෙන් උද්ගතවු ගංවතුර තත්ත්වයෙන් විපතට පත්ව සිටි සිවිල් වැසියන් 5 දෙනෙකු මුදවාගෙන ආරක්‍ෂිත ස්ථානයන් කරා යොමු කිරිමට 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 19 වන ගැමුණු හේවා බලකා සාමාජිකයින් සමත්විය.

පවතින අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් මරදමඩුකුලම් ජලාශයේ වැව් බැම්ම කැඩී යාමේ දැඩි අවධානමකට ලක්ව තිබු අතර, 68 සේනාංකය යටතේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් සෙනසුරාදා (22) දින යුහුසුළුව ක්‍රියාත්මකවී වැව් බැම්මේ අවධානමට ලක්ව තිබු අඩි 40 ක පමණ ප්‍රමාණයක ප්‍රදේශය, වැලි කොට්ට 1000 කට අධික ප්‍රමාණයක් අතුරමින් එහි ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්වුහ.

දිගින් දිගිටම ඇඳහැළෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් සඳුදා (24) දින පුදුකුඩිඉරිප්පු මුල්ලිවයික්කාල් මාර්ගයට ගසක් කඩා වැටිම හේතුවෙන් මාර්ග ගමනාගමන කටයුතු අවහිරවී තිබු අවස්ථාවේදි, ඒ සඳහා වහාම ක්‍රියාත්මක වූ මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් මාර්ගයට වැටි තිබු ගස ඉවත් කර කඩිනමින් මාර්ගය ප්‍රවාහනය සඳහා සුදුසු පරිදි පිළිසකර කරණු ලැබීය. jordan release date | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ