Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2018 22:42:22 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද සිවිල් අන්තර් සමාජ පාපන්දු තරඟාවලිය යෞවනයන්ගේ ආකර්ශණය දිනාගනි

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද සිවිල් අන්තර් සමාජ පාපන්දු තරඟාවලියේ අවසන් තරඟ පාපන්දු ක්‍රිඩා රසිකයින් සහ තරුණයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය ඉරිදා (24) දින මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ උපදෙස් පරිදි 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු විසින් සංවිධානය කර න ලද මෙම පාපන්දු තරඟාවලියේ මුලික වටයේ තරඟ පෙබරවාරි මස 3 දින සිට 12 දින දක්වා පැවැත්වු අතර ඒ සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ කණ්ඩායම් 20 ක් සහභාගිවන ලදී. ඉරණපාලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය සහ උඩුප්පුකුලම් ආලෙයි ඕසෙයි ක්‍රීඩා සමාජය අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබු අතර අවසන් මහා තරඟයෙන් ඉරණපාලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය ලකුණු 1-0 ක් ලෙස ජයග්‍රහණය කරමින් අරක්‍ෂක සේනා ශුරතාවලිය හිමි කරගන්නා ලදී.

මෙම තරඟාවලියේදී උඩුප්පුකුලම් ආලෙයි ඕසෙයි ක්‍රීඩා සමාජය 68 වන සේනාංක අභියෝගතා කුසලාන අනුශුරතාවය දිනාගත් අතර ඉරණපාලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කල ඒ අරෝෂන් මහතා විසින් හොඳම ක්‍රීඩාකයාට හිමි ලාන්ස් කෝප්‍රල් ජගත් කුමාර අනුස්මරණ ශුරතාවය ද උඩුප්පුකුලම් ආලෙයි ඕසෙයි ක්‍රීඩා සමාජය නියෝජනය කල කාන්තරූබන් මහතා හොඳම ආරක්‍ෂකයා වශයෙන් හා ඉරණපාලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කල ඒ.එස් අමෝජිදාන් හොඳම දැල් රකින්නා ලෙසත් සම්මාන හිමිකරගන්නා ලදී.

ජයග්‍රාහි කණ්ඩායම් සඳහා පාපන්දු ක්‍රීඩාව සඳහා භාවිතා කරන ක්‍රීඩා සපත්තු ජෝඩු 08 ක් සමගින් රු.25,000/=, රු.20,000/= සහ රු.15,000/= බැගින් වු මුදල් ත්‍යාග මෙන්ම සහභාගි වු සෑම කණ්ඩායමක් සඳහාම පාපන්දුව බැගින් ලබාදුන් අතර කුසලාන, ක්‍රීඩා ඇදුම්, ත්‍යාග සහ ක්‍රීඩා උපකරණ ප්‍රදේශයේ පරිත්‍යාගශිලින් හා සුභ පතන්නන් විසින් 68 වන සේනාංකය වෙත ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් එස් ප්‍රදීපන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාංකාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ අනෙකුත් ආරාධිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Best Nike Sneakers | Mens Flynit Trainers