Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2018 13:57:24 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය 9 වන සංවත්සරය සමරයි

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 9 වන සංවත්සරය සැමරීම වස් විවිධ උත්සව රැසක් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යයන්ත රාජගුරු ගේ උපදෙස් පරිදි ජුනි මස 4 දින සිට 5 දින දක්වා සංවිධානය කරන ලදී.

සංවත්සර වැඩසටහන් මාලාව ආරම්භකරමින් මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී දැනට සේවයේ නියුතු හමුදා සාමාජිකයින් හට සෙත් පැතීම හා මියගිය රණවිරුවන් වෙනුවෙන් පිං පැමිණවීම සඳහා සර්ව ආගමික වතාවත් සඳුදා (4) දින පැවැත්වුහ.

අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකුලව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු වෙත මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංකයන්, බලසේනාවන් හා ඒකකයන් නියෝජනය කල භට පිරිස් විසින් එම මුලස්ථාන පරිශ්‍රයේදී කඳවුරු සම්මාන මුරයක් හා ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනැමුහ.

මෙම සංවත්සර දිනය සිහිකිරිම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් විසින් එම මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයෙහි සියළුම සාමාජිකයන් හා එක්ව සමුහ ඡායාරූපයකට ද එක්විය.

වැඩසටහන් මාලාවේ නිමාව සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් භට පිරිස් අමතන ලද අතර, ඊට ප්‍රථමයෙන් සියළු නිල භෝජන සංග්‍රහය සඳහා ද සහභාගි වුහ.

සේනාංකාධිපතිවරුන්, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපතිතුමන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරින් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ.

Adidas footwear | Jordan Release Dates , Iicf