Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2018 17:05:13 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති පුදුකුඩිඉරිප්පු බළඇණී පුහුණු පාසලෙහි සංචාරයක

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු පුදුකුඩිඉරිප්පු බළඇණී පුහුණු පාසලෙහි පසුගිය දිනක සංචාරයක නිරත විය.

බලඇණි පුහුණු පාසල වෙත සපැමිණි මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්. ආර්. එම් ප්‍රනාන්දු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එහිදි 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක‍ බළමුළුවේ භට පිරිස් සඳහා පුදුකුඩිඉරිප්පු බළඇණී පුහුණු පාසලෙහි සිදුකරනු ලබන පුහුණූ පාඨමාලාවෙහි ප්‍රගතිය පිළිබඳව එම පුහුණු පාසලෙහි ප්‍රධාන උපදේශක විසින් ආඥාපතිතුමන් දැනුවත් කරණ ලදී.

ඉන් අනතුරුව, ආඥාපතිතුමන් බළඇණි පුහුණු පාසලේ පුහුණුව ලබන භට පිරිස් ඇමතු අතර එම සිසුන් විසින් එහිදි ආඥාපතිතුමන් වෙත නිනී විරෝධි පිරිස් විසුරුවා හැරිම පිළිබඳ පුහුණු නිදර්ශනයක් ද ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාව සඳහා බළසේනාධිපතිවරුන්, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩිර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගිවිය. Nike Sneakers | balerínky