Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ

මෙවර අධ්‍යාපන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනිසිටින මුලතිව් සිසුන් වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මුලිකත්වයෙන් නොවැම්බර් මස 4 සහ 5 යන දිනයන්හි මුල්ලියාවේලි විද්‍යානන්ද විද්‍යාලයේ දී සහ පුතුකුඩියිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ දී සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ යෝජනාවකට අනුව ‘සරසවි මිතුරෝ’ සංවිධානයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශකයින් කණ්ඩායමකගේ සම්බන්ධිකරණයෙන් මෙම සම්මන්ත්‍රණ මාලාව ක්‍රියාත්මක කරන ලදි.

මුලතිව් ප්‍රදේශයේ විවිධ පාසල් 08 ක සිසුන් 375 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම වරට මෙම සම්මන්ත්‍රණයසෙනසුරාදා (04) දින මුල්ලියාවේලි විද්‍යානන්ද විද්‍යාලයේ පවත්වන ලද අතර, එහිදි ගණිතය සහ විද්‍යා විෂයයන්ට අදාල දේශන ඇතුලත් විය.

එසේම, මුලතිව් ප්‍රදේශයේ විවිධ පාසල් 07 ක 350 දෙනෙකු සහභාගි වූ දෙවන සම්මන්ත්‍රණය පුතුකුඩියිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වූ අතර, මුලතිව් ආරක්ෂක සේනාආඥාපති නියෝජනය කරමින් දේශන සමාරම්භය සඳහා එම ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි සහභාගි විය.

මෙම සම්මන්ත්‍රණ දෙක සඳහා ඩෙවිඩ් පිරිස් මෝටර් සමාගම සහ මුලතිව් අධ්‍යාපන කාර්යාලය අනුග්‍රහය දැක්වූහ.

short url link | Nike Air Max 270